Monday, June 25, 2018

කාන්තාවන්ට මුහුණේ සම ආරක්ෂා කරගැනීම ඉතා වැදගත් වෙනවා ඒ සඳහා මේ පුරුදු ඔබත් ඇති කරගන්න.
ඔබේ සමට හරියටම ගැලපෙන ෆේස් වොෂ් එක තෝරාගන්න.
ඔබේ සමේ ස්වභාවයට ගැලපෙන ෆේස් වොෂ් එකක් හැමවිටම තෝරාගන්න.නැතහොත් ක්ලේන්සර් එකකින් වෙන වාසි වලට වඩා හානිදායක තත්වයන්ට මුහුණ දෙන්න ඔබට සිදු වේවි.
නිවැරදි පාන වර්ග පමණක් බොන්න.
උදේම කිරි තේ හෝ කොපි බොනවා වෙනුවට පලතුරු ජුස් එකක් හිස්බඩට පානය කිරීම වැදගත් වෙනවා.
ආයුර්වේදයේ නම් සඳහන් වෙන්නේ අවදි උන ගමන් වතුර වීදුරුවක් බිම තමයි හොඳම කියලා.ඒ මගින් ආහාර ජීර්ණය ක්‍රමවත් වෙනවා.
ඒ වගේම ශරීරයේ අපවිත්‍ර පිට කිරීමට රුකුලක් දෙනවා රුධිර පීඩනය පාලනය කරනවා.
අධික මත්වතුර පානය කිරීම නම් කොහෙත්ම අනුමත කරන්න බැහැ.
ඔබේ සම වියපත් වෙන්න මත්ද්‍රවය අඩංගු දේවල් ලොකු හේතුවක් වෙනවා.වයින් වීදුරුවක් ගැනීම නම් සමට නරකක් නැහැ.නමුත් අධික මත්වතුර පානය ඉතාම නරකයි.ඒ නිසා ඔබ කෝපි .කාබනේටඩ් බිම වර්ග සහ මත්ද්‍රව්‍ය අයින්ම කරලා දාලා පිරිසිදු ජලය,පලතුරු යුෂ,ඖෂධ පාන වර්ග ඔබේ බිම වලට එකතු කරගන්න.සුන්දර මුහුණ හැමදාම ලස්සනට තියාගන්න නම් ඉතින් පොඩි පොඩි කැපවීම් කරන්න වෙනවා.
සමබර ආහාර වේලක්
මුහුණේ සම ලස්සනට තියාගන්න නම් ආහාර වේල සමබර වීම ගොඩක් වැදගත්.සමේ තෙතමනය රඳවා ගැනීමට ස්වභාවික පිහිට්මක් ඔබේ සමේ තිබෙනවා.ඒ සෛල ශක්තිමත් වීමට නම් ඔමේගා 3 මේද අම්ලය යහමින් ගැනීම ගොඩක් වැදගත්.ඒ වගේම විටමින් සහ ඛනිජ ලවන මෙන්ම ප්‍රෝටීන් ඔබේ සිරුරේ සම කියන විශාලය අවයවය වයස් ගත වීම පාලනය කරන්න හේතු වෙනවා.කෘතීම රසායන අඩංගු පානය ආහාර අවම කරලා ස්වභාවික ආහාර හැකි තරම් ගැනීම වැදගත්.
අවාසනාවට ලංකාවේ අපි අධික කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර වේලකට හුරු වෙලා.මේ මගින් ශරීරයට එක වෙන ග්ලුකෝස් නම් හමේ කල්පැවැත්මට කොහෙත්ම සුදුසු නැහැ.බත් කන තරම අඩු කරලා එළවලු,පලතුරු,මස් මාළු වගේ දේවල් ආහාරයට වැඩියෙන් එකතු කරන්න.ඒ වගේම අපි පිසිනවා වැඩියි.ඒ නිසා විටමින් ආදිය හානි වෙනවා.හැකි තරම් අමුවෙන් කන්න උත්සහ කරන්න.
ඇඟිලි වලින් මුහුණ අල්ලන්න එපා
අපි ඇඟිලි වලින් මුහුණ අල්ලන විට එයින් නරක ප්‍රතිපලත් වෙනවා.
අහක යන බැක්ටීරියා එකතු වෙලා මුහුණ ආසාධන වලට ලක් වෙනවා ඒ මගින් කැළැල් ඇති වෙනවා රැලි ඇති වෙනවා ඒ නිසා නිකරුනේ මුහුණ අතගාන නරක පුරුද්දක් අතහැර ගන්න
ඉර එළියෙන් ආරක්ෂා වෙන්න
ඉර එලිය තමයි අපේ වගේ රටක මුහුණේ තරුණ බව නැති කරන හතුරා ලෙස ක්‍රියා කරන්නේ උදේ 10 සිට හවස තුන දක්වා වැටෙන දැඩි හිරු එලිය විකිරණ ශිලියි උදේ ඉර අවුව වුනත් විඳින්න යනවිට සන්ග්ලාස් එකක් හෝ තොප්පියක් පළඳින්න අමතක කරන්න එපා පොඩි ඉර එලිය වුනත් සමට නරකයි .
තෙතමනය රැකගන්න
විජලනය වූ සම කියන්නේ දීප්තියෙන් අඩු මලානික සමක්.ඒ වගේම වියලි සම ඉක්මනින් එල්ලා වැටෙන්න පටන් ගන්නවා චර්ම වේදියෝ හැමවිටම නිර්දේශ කරන්නේ ඔබ රුපාලවන්ය නිෂ්පාදන තෝරා ගනිද්දී සම තෙත් කරන නිෂ්පාදානම රගන්න කියලා.
අනිවාර්යයෙන්ම දවසකට වතුර විදුරු 8 කට වඩා බොන්න අමතක කරන්න එපා.
රස්නෙට මුහුණ ලං කරන්න එපා
දැඩි තාපය ඔබේ මුහුණේ සියුම් හම විනාශ කරනවා.කොලජන් බිඳ දමා දාහය ඇති කරනවා.රස්නේ උඳුන්,බාබකිවු මැෂින් සහ දැඩි හිරු එලියට මුහුණ පිච්චෙන්න දෙන්න එපා.හැමවිටම පස්සට වෙලා මුහුණේ සමට රස්නේ වදින එක නවත්වා ගන්න.
මේක් අප් බ්‍රෂ් පිරිසිදු කරන්න.
ඔබ මේක් අප් දාන්න ගන්නා බ්‍රෂ් ඔක්කොම සතියකට වතාවක් හෝදලා හෙවනේ වේලා ගන්න.එමගින් එහි ඇති බැක්ටීරියා ඔබේ මුහුණේ සියුම් හම හා ගැටෙන එක අඩු කරනවා.
කුරුලෑ ආසාදන වලට මෙයින් ලොකු සහනයක් ලැබේවි.
මද උණුසුම් ජලයේ ඔක්කොම බ්‍රෂ් ටික ගිල්ලවන්න.ඉන් පස්සේ අතට ෂැම්පු(හිසේ ගාන) ටිකක් අරගෙන පෙන එනකම් පිරිමදලා බ්‍රෂ් හොඳින් අතුල්ලන්න.ඉන්පසු බ්‍රෂ් හෙවනේ එල්ලා වේලා ගන්න.මුහුණේ සම අකලට වයසට යන එක නවත්තන්න මේ දේවල් කරන්නම ඕනි
මුහුණට වෙනම තුවායක්
මුහුණට වෙනම තුවායක් කියන්නේ ජිවිතේ ඇතිතුරු පිළිපැදිය යුතු සිරිතක්.තුවායක් බැරි නම් ටිෂු ඔබේ නාන කාමරයේ තබා ගන්න.ඇඟ පිහිදාන තුවාය කියන්නේ ඔබේ ලිංගික අවයව වල හෝ අධෝ මාර්ගයේ එහෙම ඇති ඊස්ට් සහ බැක්ටීරියා සේරම මුහුණට ගෙන වාහකයෙක් වගේ.ඒ නිසා මුහුණට නම් වෙනම තුවායක් අවශ්‍යමයි.නැත්නම් මුහුණේ ලස්සන නැති වෙනවා
හොඳ නින්දක්.
පැය 6 ත් 8 ත් නින්ද කියන්නේ සුන්දර මුහුණකට අත්‍යවශ්‍යම අංගයක්.ඒ වගේම ඉතාම පිරිසිදු සැටින් රෙද්දෙන් කල කොට්ට උර පාවිච්චිය ගොඩක් වැදගත් වෙනවා.මුහුණේ රැලි ඇති වීම අවම කරගැනීමට,කොන්ඩේ පවා අවුල් විම සහ කැඩීම නවතිනවා සැටින් රෙද්ද නිසා.අපි කවුරුත් කැමති ලස්සන මුණක් ලබන්නනේ.එහෙනම් මේ පොඩි දේවල් අමාරු නැහැ.

No comments:

Post a Comment